{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Thursday, October 11, 2018

ලිබියාව ගැන ඔබ නොදත් දේ

ඔන්න යාළුවනේ අද අපි ඔයාලට කියන්න යන්නේ ලිබියාව ගැනයි.

ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දෙයි.

අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමාණිමට පෙර ලිබියාවේ සාක්ෂරතාව 25% පමණ වු අතර දැන්  එම අගය 83% කි.



ලිබියන් වැසියන් ලිබියාවේදි ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහිමකට පත් නොවනවානම් පිටරටකට ගොස් අධ්‍යාපනය හැදැරීමට රජය විසින් ඇ.ඩො 2300 ක දිමනාවක් ලබා දෙයි.



ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිල දී ගන්නවානම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි.

ලිබියාවේ පෙට්‍රලි ලිටරක මිල ඇ.ඩො 0.14 කි.
ලිබියාව ලොව කිසිම රටක හෝ බැංකුවනට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150 කි.


ලිබියන් වැසියකු උපාධියක් ලබා ගැනිමෙන් පසු ඔහුට සරිලන රුකියාවක් ලැබෙන තුරු ඔහුගේ රුකියාවට අනුව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් සිදු කරයි.



ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය පහසුකම් සදහා පොළිය 0% කි.එනම් බැංකු ණය සදහා පොලි අය නොකරයි.

නිවසක් යනු සියලු ලිබියානු වැසියන්ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බව ගඩාෆි දිව්රා ඇත.

ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබු විට ඔවුන්ට ගොවිතැන් කරන්න භූමියක් ,ගොවි නිවසක් ,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දෙයි

අලුතින් විවාහ පත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000(ඇ.ඩො 50000ක්) ලබා දෙයි.ඔවුන්ට නිවසක් ලබා ගැනිමටයි.


 Publishing Date : 2018 . 10 .11 
Proudly Presented by හසරැල්.කොම්