{lang: 'en-US'}

අපගේ වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා

Sunday, January 13, 2019

ඔෟෂධිය ගුණයෙන් යුතු කොහිල ඔබත් ආහාරයට ගෙන තිබේද ? අර්ශස් සහ දියවැඩියා රෝගින් සදහා විශේෂයි




කොහිල ව්‍යංජනයක් පමණක් නොව අර්ශස් රෝගය සදහා හොද ඖෂදයක් ලෙස කොහිල ප්‍රසිද්දයි.මෙහි පවතින කෙදි සහිත ස්වාභාවය නිසා මළ බද්ධය ඇති වීම වලක්වයි.කොහිල යන එළවලුව ගත් විට කොහිල වර්ග කිහිපයක් තිබෙනවා.එනම් කිරි කොහිල,ගුරු කොහිල,වැල් කොහිල,කළු කොහිල,ගොඩ කොහිල යනුවෙන් වර්ග කිහිපයකින් යුක්ත වෙනවා.

වැල් කොහිල වල කහට රසයකින් යුක්ත වන අතර මෙය ගස් දිගේ වැල් ආකාරයට වැවෙයි.කොළ හා අල විශාල වශයෙන් ඇත්තේ කළු කොහිල වල වන අතර මෙය ඉතා රසවත් මෙන්ම ගුණදායක වේ.මෙය වගා කිරිම ද ඉතා පහසුයි.මෙයට රසායනික පොහොර වර්ග ද නොදමයි.තවද මෙම කොහිල වර්ග ළිං ළග, වළවල් වැනි වතුර බැස යන ස්ථාන වල බොහෝ විට සෑදි තිබෙනවා.මෙම කොහිල වගාව සදහා තෙතමනය සහිත ස්ථානයක් අත්‍යවශ්‍ය වෙනවා.මෙම කොහිල අල සහ දළු රසවත්  ව්‍යංජනයක් ලෙස සකසා ගත හැකියි.කොහිල අල වලින් කොහිල කැද ලෙස සාදා පානය කල හැකියි.එයද වඩාත් ගුණදායකයි.

මෙහි ගුණය 

  • අර්ශස් රෝග වලට ගුණදායක වෙනවා.
  • අමාශගත තුවාල සහ අන්ත්‍රගත පණුවන්  සදහා ද ගුණදායකයි.
  • අක්මාව රෝග වලට ද ගුණදායකයි.
  • කොහිල මගින් ආහාර වල අඩංගු තෙල් අවශෝෂණය කර ගන්නා ප්‍රමාණය  අඩු විම නිසා කොලෙස්ටරෝල් ඇති විම වලක්වයි.
  • කොහිල තුල ප්‍රතිඔක්සිකාරක ගුණය පවතියි.
  • දියවැඩියා රෝගින් සදහා ද ගුණදායකයි.

ඔස්ටියෝ ආතරයිටීස් රෝගයෙන් ඔබත් පීඩා විදිනවාද ? මෙහි රෝග ලක්ෂණ




වයස් ගත වීමත් සමග බොහෝ දෙනෙකුට වැළදෙන රෝග අතර ශාරිරික වශයෙන් අපහසුතාවයන් ඇති කරන ඔස්ටියෝ ආතරයිටීස් රෝගය පිරිමින්ට සාපේක්ෂව ගැහැණු අයට වැඩි වශයෙන් වැළදෙයි.මෙය  සන්ධි අශ්‍රිත රෝගයකි.මෙම රෝගයේ දී සිදු වනුයේ සන්ධි අතර කාටිලේජ ප්‍රමාණය අඩු විමයි.මෙහිදි ඇවිදිමේ දී අස්ථි ගැටෙන අතර වේදනා ගෙන දෙයි.

මේ අනුව සන්දි අතර වේදනාව මෙන්ම කාටිලේජ වලට හානි වීම වයස යාමත් සමග සිදු වීම සාමාන්‍ය දෙයකි.මේ අනුව මැණික් කටුව,උකුල් ඇටය,වළලුකර ආශ්‍රිතව වේදනාවන් ඇති විම වයසත් සමග සිදු වෙයි.මෙහිදි බෝහෝ අයගේ දනහිස් අශ්‍රිතව බොහෝ වේදනවාවන් ගෙන දෙනවා.මෙසේ දිර්ඝකාලිනව වේදනාවන් ගෙන දීම නිසා අස්ථී දුර්වල වි අස්ථි බිදිම් සිදු වෙයි.මෙසේ වේදනාවන් ගෙන දෙන්නේ කාටිලේජ ලිහිල් විම සහ කාටිලේජ ප්‍රමාණය අඩු විම නිසාය.මේ හේතුවෙන් බෝහෝ අයට ඇවිදින විට දී පවා බොහෝ වේදනා ගෙන දෙනවා.බොහෝ අයට උදේ කාලයේ වැඩ වල යෙදිම නිසා ඉතා වේදනා ගෙන දෙන අතර රාත්‍රි කාලය වන විට විවේකිව සිටින නිසා වේදනාව මදක් අඩු විමට හේතු වෙයි.මෙසේ දිර්ඝකාලිනව දනහිස් කකුල් අශ්‍රිතව වේදනාවන් ඇති විම නිසා මේවාට ප්‍රතිකාර නොකිරිමේන කල් යන විට ඇවිදිමට නොහැකි විම ආදි තත්ත්වයට පත් වෙයි.බටහිර වෛද්‍ය විද්‍යාව තුල මේ සදහා වේදනා නාශක දෙන නමුත් දනහිස්  සන්ධියක් දැමිම සිදු කරන අතර ආයුර්වේදය තුල නම් තෙල් ගැල්විම ,පත්තු දැමිම වැනි දේවල් මගින් මෙම රෝග සුව කිරිම සිදු කරයි.

මෙම රෝග ඇති විම වළක්වා ගැනිමට කල යුතු දෑ

  • ව්‍යායාම වල නිරත විම මගින් මෙම රෝගය ඇති විම වලක්වා ගත හැකියි.
  • ශරිරයේ බර පාලනය කර ගැනිම.
  • කැල්සියම් බහුල මාළු ,හාල්මැස්සන්,කොළ පාට එළවලු වැනි දැ ආහාරයට ගැනිම කල යුතු අතර කන්කුන්,මුකුණුවැන්න,ගොටුකොළ, තෙබු,කිරි අගුණ වැනි පළා වර්ග ආහාරට එක්කර ගත යුතුයි.
  • හාතාවාරිය,මුං ඇට,කවුපි,කඩල,වැට‍කොලු,පතෝල වැනි දෑ  ආහාරයට ගැනිම.
  • උණුසුම් වතුර නෑම
  • තෙල් සාත්තු කිරිම මේහිදි පාවට්ටා,නික කොල,සුදුලුණු,ආඩතෝඩා ආදි කොළ වලින් තැවිම සුදුසුයි.
  • අධික ලුනු ,තෙල් ,මිරිස්  වැඩිපුර ආහාරයට නොගැනිම කල යුතුයි.
  • වාතය වඩන ආහාර ගැනිමේන් වැලකි සිටිය යුතුයි.
 

ඔබ නිතර තැඹිලි බොනවාද ? තැඹිලි සතු විශ්මිත ගුණ




අනාදිමත් කාලයක සිට අපේ රටේ දේශිය වෙදකම සදහා තැඹිලි වතුර භාවිතා කර තිබෙනවා.තැඹිලි වල අඩංගු වන මෙම ගුණය නිසා දිනපතා වුවද තැඹිලි පානය කිරිමේන් ශරිරයට හොද පෝෂණයක් ලබා ගත හැකියි.
ඉතා රසවත් පානයක් වන මෙය බාල මහලු ඕනැම කෙනෙකුට ඉතා ගුණදායකයි.
මෙහි අඩංගු වන පොටෑසියම්,සෝඩියම්,මැග්නිසියම්,කැල්සියම්,විටමින් බී සහ සී අඩංගු වන බැවින් තැඹිලි වතුර ඉතා රසවත් පානයක් වන අතරම එහි මදයද ඉතා ගුණදායකයි.

මෙහි ඇති ගුණ
  • දියවැඩියාව පාලනය කිරිමට ඉතා ගුණදායකයි.
  • ශරිරය නිවන ඖෂදයක් වෙනවා.
  • තැඹිලි වල අඩංගු  වන ඛනිජ ලවන නිසා හෘදයාභාද සහ අධිරුධිර පීඩනය ඇතිවිම වලක්වයි. 
  • ශරිරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නත් අහිතකර කොලෙස්ටරෝල් විනාශ කරන්නත් තැඹිලි වල සතු විශේෂ හැකියාවකි.
  • මහලු අයට සහ ඉතා ගුණදායි වන පානයක් වන අතරම ආහාර දිරවිමේ අපහසුතා මෙම තැඹිලි පානය කිරිමේන් සුව වෙයි.
  • ගැබිනි මවුවරුන්ට ද තැඹීලි වතුර ගුණදායක වෙයි.
  • පිළිකා ඇති විමට හේතු වන සෛල විනාශ කරයි.
  • තැඹිලි පානය කිරිම මගින් අපේ ශරිරයේ ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩිවෙයි.
  • තැඹිලිවල අඩංගු සින්ක් සහ සෙලනියම් වැනි ඛනිජ ලවන නිසා මදසරු බවට ද  ඉතා ගුණදායකයි.



පිලිකා සෑදිම වලක්වන එළවළු හා පළතුරු වර්ග



පිලිකාව යනු වයස් භේදයකින් තොරව ඕනැම කෙනෙකුට වැලදෙන රෝගයකි.ඒ නිසා පිළිකා නසන ආහාර ඔබට බොහෝ වැදගත් වේවි.වර්තමානය වන විට කාර්යය බහුල ජිවිතයක් ගත කරන නිසා බෝහෝ අය හුරුවී සිටින්නේ ක්ෂණීක ආහාර වලටය .ඒවා නිසා බෝහෝ විට පිලිකා සෑදිමට ඇති අවදානම වැඩිය.මේ නිසා පිලිකා නැති කරන ආහාර රටාවකට අපි හුරු විය යුතුයි.

කරවිල
පියයුරු පිලිකා ,බඩවැල් ආශ්‍රිත ඇති වන පිලිකා වලට කරවිල හොද ආහාරයක් වෙනවා.කරවිල පෝෂ ගුණයෙන් ඉහල ආහාරයක් වෙනවා.කොලෙස්ටරෝල්,දියවැඩියා රෝගින්,අර්ශස් රෝගින්ට ද කරවිල ඉතා ගුණයි.

මඤ්ඤොක්කා 
ශරිරයේ හට ගන්නා පිලිකා සෛල විනාශ කිරිමේ හැකියාවක් ඇති අතර නිරෝගි සෛල ආරක්ෂා කිරිමේ හැකියාවක් මෙම අහාරය තුල අඩංගු වෙනවා.

කැරට් 
කැරට් වලල අඩංගු වන බීටා කැරෝටීන් සංයෝගය නිසා අමාශ පිලිකා, උගුර ආශ්‍රිත පිලිකා, පෙනහලු පිලිකා මර්දනය කිරිමේ හැකියාව ති‍ෙයෙනවා.සිරුරේ ප්‍රතිශක්තිකරන පද්දතිය ශක්තිමත් කිරිමට මෙම කැරට් මගින් හැකියාව ලැබෙනවා.

අනෝදා
පිලිකා සෛල විනාශ කිරිමේ හැකියාවක් මෙම අනොදා සතුව පවතිනවා.පෙනහලු පිලිකා,බඩවැල් ආශ්‍රිත පිලිකා ,අග්න්‍යාසයේ පිලිකා,පියයුරු පිලිකා ආදිය ඇති විම වලක්වනවා.

අලිගැටපේර
මෙම පළතුරහි ප්‍රතිඔක්සිකාරක ගුණය පවතියි. අක්මාව ආශ්‍රිත පිලිකා ඇති විම වලක්වන අතර අක්මා රෝගින්ට ඉතා ගුණ දායි පළතුරක් ලෙස දැක්විය හැකියි.